top of page
WhatsApp Image 2025-03-28 at 17.44.59.jpeg

කෝටි ගණන් වටිනා තෑගි හිමි කර දෙන මෙවර අප පවු​ලේ අවුරුදු උත්සවය

2025 වර්ෂයේ අප්‍රෙල් මස 14 වන දින දහවල් 12 සිට සන්ධ්‍යා යාමය වන තෙක් මෙවර අප පවුලේ අවුරුදු උත්සවය පවුලේ සාමාජිකයන් ගේ සහභාගී විමෙන් පමණක් බටුවන්තර පාසල් ක්‍රීඩාංගනයේ (වජිර අයියලා ගේ පරණ ගෙවල් ලඟ ක්‍රීඩාංගනය) දී පැවත් වේ.

​ඒ සඳහා අප පවුලේ ඔබ සියලු දෙනාගේ ම පැමිණීම අප ඉතා ම ලෙන්ගතු කමින් බලාපොරොත්තු වන අතර එහිදි පැවත්වෙන ක්‍රීඩාවන් ගැන විස්තර පහත දක්වා තිබේ.

කණා මුට්ටි තරඟ​ය
කඹ ඇදීම
බිත්තර පාස් කිරීම

සැඟවුණු අමුත්තා සෙවීම
ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම
බැලුම් ඩාන්ස්
පැණි බඹරේ
බෝතලේට ඇණේ දැමීම
ගෝනි පැනීම
බනිස් කෑම
අලියට ඇහැ තැබීම්
දෙහි ගෙඩිය මත හැන්ද තබා ගෙන යෑම
ඉඳිකට්ටට නූල දැමීම
සංගීත පුටු තරඟය
සතේ සෙවීම
100 M දිවීම ස​හ
තවත් ක්‍රීඩා රැසක්..

  • වයස් ​භේදයක් නැත.

  • ​අවශ්‍ය සියලු දේ සංවිධායකවරුන් විසින් ලබා දේ. 

අවුරුදු කුමාරයා වැඩිහිටි

අවුරුදු කුමාරි වැඩිහිටි

අවුරුදු කුමාරයා කුඩා

අවුරුදු කුමාරි කුඩා

අවුරුදු කුමාරයා තරුණ

අවුරුදු කුමාරි තරුණ

  • මේ තරඟ සඳහා අවශ්‍ය ඇඳුම් ආයිත්තම් ඔබ විසින් සපයා ගත යුතු ය. එදිනට පැමිණෙන විට ඒවාට සූදානම්ව පැමිණෙන්න.

හොඳම බොරුව

හොඳම හිනාව

හොඳම හැඩීම

විකට ඇඳුම්

  • මේ තරඟ සඳහා ද අවශ්‍ය ඇඳුම් ආයිත්තම් ඔබ විසින් සපයා ගත යුතු ය. එදිනට පැමිණෙන විට ඒවාට සූදානම්ව පැමිණෙන්න.​

කෝටි ගණන් වටිනා තෑගි හිමි කර දෙන
මෙවර අපි සිදු කරන අවුරුදු ක්‍රීඩා

මෙවර අප ගේ පවුලේ අවුරුදු උත්සවයේ දී පහත දැක්වෙන තරඟ සංවිධානය කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.  ඔබ සහභාගී වන තරඟ සියල්ලට අවශ්‍ය උපදෙස් ඒ සමඟ ලබා දී ඇත. 

bottom of page